.webp)
ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, මෙරටට ආවේණික ඉවුම් පිහුම් කලාව ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති බවයි.
එහි ප්‍රවර්ධනයට උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ඊයේ (09) ආරම්භ කෙරුණු “2023 සූප ශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.
සූප ශාස්ත්‍ර පිළිබඳ පාසලක් ඇති කිරීම, සූපවේදීන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම ඇතුළු ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය.
රජයේ වැඩපිළිවෙළේ පළමු අදියර යටතේ මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව දෙගුණ කිරීමට අපේක්ෂිතයි.
කෙසේවෙතත් මෙරට මානව සම්පත විශාල ලෙස රට හැර යාම දක්නට ලැබෙන බව පැවසු ජනාධිපතිවරයා මේ මොහොතේ ප්‍රමාණවත් පරිදි සූපවේදීන් සංඛ්‍යාවක් රට තුළ නොමැති බව ද පෙන්වා දුන්නේ ය.