.webp)
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, එම පොහොර ලබන සඳුදා සිට ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ට බෙදා දෙන බවයි.
මේ අතර තවත් යූරියා මෙට්‍රික්ටොන් 11,250 ක් රැගත් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟා වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.
ඔහු සඳහන් කළේ, ඒ අනුව යළ කන්නයට අවශ්‍ය යූරියා පොහොර අවශ්‍යතාව සම්පූර්ණ වන බවයි.
යළ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර තොග මෙරට තුළ ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.