ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 09-06-2023 | 6:26 AM


දේශීය පුවත්

1.පස්ස පැත්ත දොරෙන් ඇවිත් ඒකාධිපතිත්වයක් වෙත රට ගෙනියන්න ඉඩ දෙන්න බෑ – කාදිනල් හිමිපාණන්  – වහා ඡන්දයක් පවත්වා ජනතාවට සිය මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව දිය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති

2.රුපියල් මි. 42ක් වටිනා කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ නාවික හමුදා භාරයට – නාවික හමුදාව යාපනය, වෙත්තලකේනි මාමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 128 කට (තෙත බර සහිත) අධික තොගයක් සිය භාරයට ගෙන තිබේ. 

3.ඇමරිකානූ RM Parks සමාගමත් මෙරටට ඛනිජ තෙල් සැපයීමට ගිවිසුම්ගත වෙයි  – ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය,ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය ඇමරිකානු RM Parks සමාගම සමග  දිගු කාලින ගිවිසුමකට ඊයේ අත්සන් තැබී ය. 

4.මාලදිවයින් විදේශ ඇමති සහ අගමැති දිනේෂ් ගුණවර්ධන අතර හමුවක්.. – දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුව තිබේ.   

5.සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. – සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.   

විදෙස් පුවත්

1. ප්‍රංශයේ උද්‍යානයක සිදුවූ පිහි ඇණුමකින් දරුවන් ඇතුළු 6 දෙනෙකුට තුවාල – ගිණිකොනදිග ප්‍රංශයේ Annecy නගරයේ උද්‍යානයක සිදුවූ පිහි ඇණුමකින් දරුවන් සිව් දෙනෙකු ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා තිබේ.