සතියක් තුළ ඩෙංගු රෝගීන් 2479ක්..

සතියක් තුළ ඩෙංගු රෝගීන් 2479ක්: වැඩිම රෝගීන් සංඛ්‍යාව ගම්පහින්..

by Staff writer 08-06-2023 | 10:18 AM

COLOMBO (News 1st) - මෙම මාසයේ ගත වූ දින 7 තුළ ඩෙංගු රෝගීන් 2479 දෙනෙකු හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

ඒ අනුව වසරේ ගත වූ කාලසීමාව තුළ හඳුනාගෙන ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 41,883 කි.

ඒ අතරින් 22.1% ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ප්‍රතිශතය 21% කි.

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 67 ක් මේ වනවිට ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර තිබේ.

වසරේ ගත වූ කාලසීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 25 කි.

පවතින වර්ෂාව හමුවේ මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කර දමන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.