.webp)
COLOMBO (News 1st) – නාවික හමුදාව යාපනය, වෙත්තලකේනි මාමුනෙයි ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 128 කට (තෙත බර සහිත) අධික තොගයක් සිය භාරයට ගෙන තිබේ.
විශේෂ සෝදිසි මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගෙන ඇති මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 42 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
නාවික හමුදාව සැක පළ කරන්නේ, නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම කේරළ ගංජා තොගය මුහුදේ අතහැර දමා යන්නට ඇති බවටයි.
නාවික හමුදාව නිවේදනය කළේ, මෙම කේරළ ගංජා තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇති බවයි.