මෙරටට ඛනිජ තෙල් සපයන්න එන අලුත් සමාගම

ඇමරිකානූ RM Parks සමාගමත් මෙරටට ඛනිජ තෙල් සැපයීමට ගිවිසුම්ගත වෙයි

by Staff writer 08-06-2023 | 6:46 PM

COLOMBO (News 1st) – ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය,ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය ඇමරිකානු RM Parks සමාගම සමග  දිගු කාලින ගිවිසුමකට අද අත්සන් තැබී ය. 

එම සමාගම ශෙල් වෙළඳ සන්නාමය යටතේ මෙරට වෙළදපොළට පිවිසීමට නියමිතයි.

RM Parks,  මෙරට ඉන්ධන වෙළඳපොළට එකතු වන හතරවන සමාගමයි.

අද අත්සන් කළ ගිවිසුම අනුව වසර 20  කාලයක් සඳහා එම සමාගමට මෙරටට ඉන්ධන ආනයන කිරීම, බෙදාහැරීම සහ අලෙවි කිරීමේ අවසරය හිමි ෙව්.  

ඉන්ධන පිරවුම්හල් 150 ක් මගින් එම ව්‍යාපාර ආරම්භ කරන අතර තවත් නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ස්ථාපනය කිරීමේ අවසරය ද ඔවුන්ට හිමිවනු ඇති.

ස්වයංක්‍රීය ඉන්ධන බෙදුම් යන්ත්‍ර , ඉලෙක්ට්‍රොනික වාහන ආරෝපණ යටිතල පහසුකම් සහ වෙළඳසල්වලින් සමන්විත නව ඉන්ධනහල් සංකල්පයක් සමග මෙරට වෙළඳපොළ පිවිසෙන බව සඳහන් ය.