.webp)
වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මෙවර දකුණු කොරියාවේදී පැවැත් වේ.
අද පැවැති එහි මීටර 800 කාන්තා ඉසව්වේ අවසන් තරගයේදී තරුෂි කරුණාරත්න රන් පදක්කම දිනා ගත්තේ, මිනිත්තු 2යි තත්පර 5යි දශම 6යි 4ක කාලයක් සටහන් කරමින්.
එම තරගයේදී ප්‍රතිවාදී ක්‍රීඩිකාවන්ගෙන් තරුෂිට සැළකිය යුතු අභියෝගයක් එල්ල කිරීමට නොහැකිවීම ය.
තරුෂිට වඩා තත්පර 5ක කාලයක් පසුපසින් සිටි කසක්ස්ථානයේ නිර්මාමෙතක් බයියන් එම ඉසව්වේ දෙවැනි ස්ථානයට පත් විය.
තුන් වැන්නා චීනයේ ඉන් යිංයිං.
තරුෂි ඊයේ (04) දිනයේදී මෙම ශූරතාවලියේ මීටර 400 ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ ය.
මේ අතර ශූරතාවලියේ මීටර 400 මිශ්‍ර සහය ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ තරගය මිනිත්තු 3යි තත්ත්පර 25යි දශම 4යි 1ක කාලයකින් තරගය අවසන් කරමින්.
ශෙහාන් දිල්රංග, තරුෂි කරුණාරත්න, විනෝද් ආරියවංශ, සහ ජයේෂි උත්තරා මෙම ඉසව්වේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ හ.
ශූරතාවලියේ තුන් පිම්ම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ මලිත් යසිරුට හිමි විය.
ඔහු දැක්වූ දක්ෂතාව මීටර 15යි දශම 8යි 2ක්.