.webp)
එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ඒ අනුව කිලෝග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ට වැඩි මිලකින් පහළ දමන බවයි.
ඊට සාපේක්ෂව කිලෝ ග්රෑම් 05 සහ කිලෝ ග්රෑම් 2.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිළද අඩු කෙරෙනු ඇත.
ඒ පිළිබඳ අවසන් නිවේදනය අද නිකුත් කරන බව, සභාපතිවරයා සඳහන් කළේ ය.
මේ අතර ගෑස් මිල අඩු වීමත් සමග ආපනශාලා ආහාර පාන මිල අඩු වන්නේ කෙසේ දැයි, අප අපනශාලා හිමියන්ගේ සංගමයෙන් විමසීමක් කළේ ය.
එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ, ප්ලේන්ටියක මිල හෙට (05) සිට රුපියල් 30ක් දක්වා අඩු කරන බවයි.