පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ බස් සේවා..

පොසොන් පොහොය නිමිත්තෙන් අද සිට විශේෂ බස් සේවා..

by Staff writer 02-06-2023 | 7:39 AM

COLOMBO (News 1st) –  පොසොන් පොහොය නිමිත්තෙන් අද (02) සිට ලබන 05 වැනිදා දක්වා විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. 

එහි නියොජ්‍ය සාමාන්‍යාධීකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ, දිවයිනේ ප්‍රධාන නගරවල සිට අනුරාධපුරය දක්වා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවයි.

 අද සිට අනුරාධපුර සහ කොළඹ අතර විශේෂ දුම්රිය ගමන්වාර 12 ක් ක්‍රියාත්මක කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉඳිපොලගේ මහතා පැවසුවේ ය.