.webp)
සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේ, ත්‍රීරෝද රථ සඳහා වහාම ගාස්තු සමාලෝචන කමිටුවක් පත් කළ යුතු බවයි.
මේ අතර ඩීසල් මිල ගණන් සංශෝධනයක් නොවීම හමුවේ බස් ගාස්තු අඩු නොවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කෙරුණි.
ඒ අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක මිල අඩු කර ඇත්තේ රුපියල් 15 කින් ය.
එහි නව මිල රුපියල් 318 කි.
ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ඉහළ දමා ඇත.
ඒ අනුව එහි නව මිල රුපියල් 385 ක් වනු ඇති.
ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 340 ක් ලෙස සටහන් වේ.
ලංකා භූමිතෙල් ලීටරයක් අඩු කර ඇත්තේ, රුපියල් 50 කිනි.
එහි නව මිල රුපියල් 245 කි.
ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 60 කින් අඩු කර තිබේ.
ඒ අනුව එහි නව මිල රුපියල් 270ක් බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක මහතා සඳහන් කළේ ය.