මහ මුහුදේ සැඟව ගිය ජීවිත 02ක්

උස්වැටකෙයියාව මුහුදේ ගිලී දෙදෙනෙකු මරුට

by Staff writer 29-05-2023 | 4:10 PM

COLOMBO (News 1st) - උස්වැටකෙයියාව, තල්දියවත්ත මුහුදේ ගිලී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (28) පස්වරුවේ මුහුදේ දියනෑමට පැමිණි අවස්ථාවේ ඔවුන් එම අනතුරට මුහුණපා ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, අවුරුදු 22 සහ 36 යන වයස්වල පසුවන දෙදෙනෙකි.

ඔවුන් රිකිල්ලගස්කඩ සහ කඳලවලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන්ගේ මේ වනවිට රාගම රෝහලේ තැන්පත් කර තිබේ.