එළියට යනවා නම් මේ කරුණු පිළිපදින්න..

රස්නේ වැඩියි: එළියට යනවා නම් මේ කරුණු පිළිපදින්න..

by Staff writer 27-05-2023 | 3:12 PM

COLOMBO (News 1st) - පළාත් කිහිපයක සහ දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර පළාත් සහ මොණරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල උෂ්ණවත්ය ඉහළ ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, අධික වෙහෙසකර කටයුතු සීමා කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ පිළිබඳව වැඩිහිටි ,රෝගී පුද්ගලයින් සහ කුඩා දරුවන් සැලකිලිමත් වීම වැදගත් වේ.

සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් එළිමහනේ ගැවසෙන විට සෙවන ඇති ස්ථානවල රැදී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙයි.