.webp)
වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, රත්‍රං කිලෝග්‍රෑම් 3.5 ක් සහ ජංගම දුරකතන 91 ක් එලෙස රාජසන්තක කළ බවය.
අදාළ රත්‍රං තොගය සහ ජංගම දුරකතනවල වටිනාකමක රුපියල් කෝටි අට හමාරකට අධික වේ.
මුදල් අමාත්‍යවරයා පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාට රුපියල් ලක්ෂ 75 ක දඩයක් ද පනවා ඇති බවයි.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා රත්‍රං බිස්කට් තොගයක් සමග ඊයේ (23) පෙරවරුවේ රේගු භාරයට ගැණුනි.
කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගැණුනේ, මන්ත්‍රීවරයා ඩුබායි සිට පැමිණි අවස්ථාවේදීය.
ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී කොළඹ රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් මන්ත්‍රීවරයා සිය භාරයට ගෙන තිබුණි.