සැබෑ ජනතා නියෝජිතයින් තමන් වෙනුවෙන් හෙට පාර්ලිමේන්තුවේදී කටයුතු කරනු ඇතැයි විශ්වාස කරනවා - ජනක රත්නායක

by Staff writer 23-05-2023 | 11:09 AM

COLOMBO (News 1st) - තමන් පෙනී සිටියේ ජනතාව වෙනුවෙන් බවත්, සැබෑ ජනතා නියෝජිතයින් තමන් වෙනුවෙන් හෙට පාර්ලිමේන්තුවේදී කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.