.webp)
අද රාත්‍රී 7.30 සිට ඔබට සිරස TV ඔස්සේ The Voice අවසාන මහා රාත්‍රිය සජීවීව නැරඹීමේ අවස්ථාව හිමි වේ.
ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකාගාරයට රියැලටි කලාව හඳුන්වා දුන් සිරස TV එහි ප්‍රමුඛයා බව යළිත් සනාථ කරන්නේ, The Voice ජාත්‍යන්තර ප්‍රාසාංගික අත්දැකීම මෙරට ප්‍රේක්ෂකයින්ට යළිත් තිළිණ කිරීමට සමත් වෙමිනි.
රටවල් 180 ක සාර්ථකව දියත් වන The Voice මෙරට හිමිකාරීත්වය දරණ MTV චැනල් පුද්ගලික සමාගම, සිරස TV හරහා මෙවර ඉදිරිපත් කරන්නේ දෙවන වරටයි.
පුහුණුකරුවන් සිව් දෙනෙකු යටතේ ක්‍රියාත්මක වූ මෙම තරගාවලියට, 5 වන පුහුණුකරු හෙවත් 5th කෝච් කාණ්ඩය යටතේ, නව මුහුණුවරක් එක් විය.
ඒ අනුව කෝච් සුපුන් කණ්ඩායම නියෝජනය කරමින්,රමීෂ් සශිංක හෙවත් රමියාත්,
කෝච් කසුන් කණ්ඩායම නියෝජනය කරමින්, චනූප දේශිතත්
කෝච් උමාරියා කණ්ඩායම නියෝජනය කරිමින්, ශෙහාන් රංගනත්
කෝච් බී ඇන්ඩ් එස් කණ්ඩායම නියෝජනය කරමින්, චින්තක රොෂාන් සහ
කෝච් ශෂිකා කණ්ඩායම නියෝජනය කරමින්, ශෙරෝන් සිල්වාත්
අද (20) The Voice ශ්‍රී ලංකා ජාත්‍යන්තර වේදිකාවේ තරග කිරීමට සූදානමි සිටී.