.webp)
ලොව ප්‍රධානතම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් 7 ක එකතුවෙන් සැදුම්ලත්, G 7 කණ්ඩායමේ රාජ්‍ය නායක සමුළුව මේ දිනවල ජපානයේදී පැවැත්වෙනු ඇත.
ලෝකයේ ප්‍රධාන අභියෝග පිළිබඳව සාකච්චාවෙන මේ හමුවේදී ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන්ධ සාකච්ඡා වී තිබීම වැදගත් කරුණකි.
මෙහිදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය යන රටවල සමසභාපතිත්වය යටතේ ශ්‍රී ලංකාවේ ණය හිමියන් හා සාකච්ඡා පැවැත්වීම මෙහිදී පිළිගැනීමට ලක් කර ඇත.
G 7 රාජ්‍ය නායකයින් පවසා ඇත්තේ, ණය තිරසාරභාවයට ඇති අභියෝග ශ්‍රී ලංකවේ තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමට බාධාවක් වී ඇති බවයි.
G 7 කණ්ඩායම නියෝජනය කරන රාජ්‍යයන් වන්නේ කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, එක්සත් රාජධානිය, ජපානය සහ අමෙරිකා එක්සත් ජනපදයයි.