යුක්‍රේනයට අධි බලැති ප්‍රහාර ජෙට් යානා පුහුණුව

යුක්‍රේන ගුවන් නියමුවන්ට අධි බලැති ප්‍රහාර ජෙට් යානා පැදවීමේ පුහුණුවට,අමෙරිකානු ජනපතිගෙන් අවසර

by Staff writer 20-05-2023 | 8:05 AM

COLOMBO (News 1st) -  යුක්‍රේන ගුවන් නියමුවන්,අධි බලැති එෆ් සික්ස්ටීන් (F 16) ප්‍රහාරක ජෙට් යානා පැදවීමට පුහුණු කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති, ජෝ බයිඩ්න් ඩ් සිය අනුමැතිය ලබා දී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ (19) ජපානයේ පැවති ජී හත සමුළුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බවයි. 

මෙම අධිබලැති ප්‍රහාරක ජෙට් යානා භාවිත කිරීමෙන්,රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්‍රේනයට  වැඩි වාසියක් ලබාගත හැකි බව,යුක්‍රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙස්න්කි අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළේ ය.

නමුත් අමෙරිකාව ඊට නිසි ප්‍රතිචාරයක් ලබා දුන්නේ නැත.

ඊයේ (19) ජී හත සමුළුව අතරතුරදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිශී සුනක්ද අමෙරිකාවේ පුහුණු වැඩසටහන සඳහා සහය ලබාදෙන බවට පවසා තිබේ.

විදෙස් වාර්තාවලට අනුව ඉදිරි සති කිහිපය තුළදී අමෙරිකාව, යුක්‍රේන ගුවන් නියමුවන් සඳහා මෙම පුහුණුව ආරම්භ කිරීමට නියමිතයි.