මහ නාහිමියන්ගේ ආදහන පූජෝත්සවය හෙට

අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට සිදුකෙරේ..

by Staff writer 20-05-2023 | 7:57 AM

COLOMBO (News 1st) - අපවත් වී වදාළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත , අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට (21) කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතය.

මේ වනවිට මහ නාහිමියන්ගේ දේහය තැන්පත් කර ඇත්තේ, රාජගිරිය කලපලුවාව ගෝතම තපෝ වනයේයි.

මහ නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ දිනයේත් මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් පැමිණියහ.

කලක් රෝගාතුරව සිටි අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහ නාහිමියන් ඉකුත් 16 වැනිදා අපවත්වූයේ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

අපවත් වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 84 කි.