පලෙයි සහ වත්තලින් මළ සිරුරු 2ක් සොයා ගැනේ..

පලෙයි සහ වත්තලින් මළ සිරුරු 2ක් සොයා ගැනේ..

by Staff writer 18-05-2023 | 7:16 PM

COLOMBO (News 1st) – පලෙයි , කෝවිල්වයල්, අයියකච්චි ප්‍රදේශයේ නිවසක තිබි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.

මිය ගිය පුද්ගලයාගේ අන්‍යතාව මෙතෙක් හෙළි වී නැහැ. 

ඔහු එම නිවසේ තාවකාලිකව පදිංචිව සිට ඇති අතර කලක සිට එම ප්‍රදේශයේම කුලී වැඩ කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි. 

මේ අතර වත්තල, හේකිත්ත ප්‍රදේශයේ කැලණි ගං ඉවුරේ පාවෙමින් තිබී නාඳුනන මළ සිරුරක් හමුව තිබේ. 

මළ සිරුර නරක්වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය.