එක්ස්ප්‍රස් පර්ල් නඩුව කල් යයි

එක්ස්ප්‍රස් පර්ල් සිංගප්පූරු නඩුව ලබන 15 වැනිදා දක්වා කල් යයි..

by Staff writer 09-05-2023 | 10:12 PM

COLOMBO (News 1st) - එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා ගොනුකළ නඩුව අද(09) පළමු දිනයට, සිංගප්පූරුවේදී කැඳවා තිබුණි.

ඒ සිංගප්පූරු මහාධිකරණය හමුවේ යි.

අද කැඳවූ නඩුව ලබන 15වැනිදා දක්වා, කල් ගිය බව නිතීපති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිංගප්පුරු අධිකරණයක පැවරු බව කියන නඩුවේ නඩු අංකය ඇතුළු තොරතුරු ලබා දෙන ලෙස පරිසර විද්‍යාඥ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය අද නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකළේ ය.