.webp)
COLOMBO (News 1st) – මෙරට ජනගහනයෙන් 25% ක් විටමින් D ඌණතාවයන් පෙලෙන බව සමීක්ෂණයකින් හෙළිව තිබේ.
බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ප්‍රකාශ කළේ දරුවන්, වැඩිහිටියන් සහ ගර්භනී මව්වරුන් යොදාගනිමින් දිවයින පුරා කළ පරීක්ෂණවලින් මේ බව තහවුරු වූ බවයි.
විටමින් D ඌණතාවය අවම කර ගැනීමට හැකි අවස්ථාවන්වල හිරු එළියට නිරාවරණය වීම වැදගත් බව විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ප්‍රකාශ කළාය.