නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වූ 22ක් කොටු

නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 22 ක් නාවික හමුදා භාරයට

by Staff writer 28-04-2023 | 5:03 PM

COLOMBO (News 1st) - නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 22 දෙනෙකු නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව ප්‍රකාශ කළේ, මුලතිව් නයාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සහ කින්නියා පාලම අවට ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකරමින් හා රාත්‍රී කාලයේ නීති විරෝධී කිමිදුම් කටයුතු කරමින් ධීවර කර්මාන්තයේ නිරත වී ඇත.

ඔවුන්ට අයත් යත්‍රා 8 ක් කිමිදුම් උපකරණ තොගයක් ද සිය භාරයට ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.

අවුරුදු 29 ත් 56 ත් අතර වයසේ පසුවන සැකකරුවන් මීගමුව, මුලතිව්, කින්නියා සහ චීන වරාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා මුලතිව් සහ ත්‍රීකුණාමලය සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාල වෙත භාර දුන් බව නාවික හමුදාව පැවසුවේ ය.