දර්ශන හඳුන්ගොඩට වාරණ නියෝගයක්

දර්ශන හඳුන්ගොඩට එරෙහිව වාරණ නියෝගයක්

by Staff writer 26-04-2023 | 9:35 PM

COLOMBO (News1st) - නීතිපති දෙපාර්තමේන්තුවට අනුයුක්ත අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකු හා රජයේ නීතිඥවරයෙකු සම්බන්ධව වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ පල කළ දර්ශන හඳුන්ගොඩ මහතාට එරෙහිව අද(26) කොළඹ දිස්ත්‍රික් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කෙරිණි.

ඒ අදාළ වීඩියෝ පටය පළ කිරීම වලක්වාලමින්.  

එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියට සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරින් දෙදෙනා දූෂිත හා වංකබවට දර්ශන හඳුන්ගොඩ මහතා ප්‍රකාශකොට ඇති අතර ඔවුන් දෙදෙනා රජයට වංචා සිදුකර ඇති බවත් අදාල වීඩියෝ පටයේ ඔහු සඳහන් කර තිබේ. 

ඊට එරෙහිව එම නිලධාරින් දෙදෙනා අද කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීමක් සිදු කළහ.