සරසවි අඟහරුවාදා රැස්වෙයි..

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අඟහරුවාදා රැස්වෙයි..

by Haindu Gihan 23-04-2023 | 7:54 AM

COLOMBO (News 1st) - උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් වර්ජනය කිරීම ඇතුලු දැනට ක්‍රියාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන අඟහරුවාදා රැස්වීමට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ.

එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙස්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, ආණ්ඩුව සිය ඉල්ලීම්වලට  යහපත් ප්‍රතිචාරක් දක්වන්නේ නම්, පිළිතුරු පත්‍ර පරීක්ෂාවට එක්වීම සම්බන්ධයෙන් සළකා බැලිය හැකි බවයි.