පරිසරය රැක ගන්න බ්‍රිතාන්‍ය වැසියන් විරෝධතාවක..

පරිසරය රැක දෙන්නැයි ඉල්ලා දහස් ගණන් බ්‍රිතාන්‍ය වැසියන් විරෝධතාවක..

by Staff writer 23-04-2023 | 9:46 PM

COLOMBO (News 1st) –  පරිසරය රැක දෙන්නයි ඉල්ලමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිටට ආ ඒ රටේ සාමාන්‍ය ජනතාව විරෝධතාවක නිරත විය.

මේ සඳහා පුද්ගලයින් දහස් ගණනක් එකතු වී සිටියේ ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට බලධාරීන්, පාරිසරික ආරක්ෂණ ක්‍රමවේද නිසි ලෙස නොපිළිපැදීම හේතුවෙන් එම විරෝධතාව ක්‍රියාත්මක බවයි. 

ලෝක මිහිතල දිනයට සමගාමිව එම විරෝධතා ආරම්භ කර තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාළ විරෝධතා දින 4ක් දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.