ඩෙල්ෆ් ඝාතනයට සැකපිට පුද්ගලයෙක් කොටු

ඩෙල්ෆ් දූපතේ පංච පුද්ගල ඝාතනයට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට

by Staff Writer . 23-04-2023 | 12:57 PM

COLOMBO (News 1st) - යාපනය ඩෙල්ෆ් දූපතේ නිවසක් තුළදී, තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයින් 05 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ, 51 හැවිරිදි අදාළ පුද්ගලයා අද (23) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බවයි.

නිවසක් තුළදී මෙලෙස ඝාතනයට ලක් වී තිබුණේ  කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි. 

ඝාතනයට ලක් වූ ඔවුන් වයස අවුරුදු 70 ඉක්මවූවන් බව පොලීසිය පවසයි. 

තුවාල ලැබූ කාන්තාවක් යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය සඳහන් කළේ ය.