සුඩානයේ සටන් විරාමය අසාර්ථක වෙයි

සුඩානයේ සටන් විරාමය අසාර්ථක වෙයි

by Staff writer 19-04-2023 | 7:56 AM

News 1st - සුඩානයේ පැය 24ක සටන් විරාමය අසාර්ථක බවට එරට හමුදාව සහ අතුරු හමුදාව චෝදනා කරයි.

හමුදා පාලනය යටතේ වූ සුඩානය පසුගිය දා සිවිල් රජයක් යටතට පත් කිරීම පිළිබඳව සලකා බැලීම හේතුවෙන් එරට අතුරු හමුදාවක් හමුදාවට එරෙහිව සටන් ආරම්භ කළේ ය.

ගැටුම්වලින් පීඩාවට පත් සිවිල් වැසියන් සඳහා සහන සැලසීමට සහ තුවාල ලැබූ පිරිස් රෝහල්ගත කිරීමට කල් ලබාදීමට ඊයේ (18) පැය 24ක සටන් විරාමයක් සඳහා දෙපාර්ශවය එකඟ විය. 

නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සටන් විරාමය ප්‍රකාශයට පත් කර විනාඩි කිහිපයක් තුළදී නැවත සටන් ආරම්භ වූ බවයි. 

නිවේදන නිකුත් කරමින් හමුදාව සහ අතුරු හමුදාව ද සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට අනෙක් පාර්ශ්වය අපොහොසත් වූ බවට චෝදනා එල්ල කර තිබේ.

ගැටුම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 200ක් පමණ මියගොස් ඇති බවට විදෙස් වාර්තාවල සඳහන් වේ.