.webp)
News 1st - 2023 වසරේ මැද භාගයේදී ඉන්දියාව චීනය අභිබවමින් ලොව වැඩිම ජනගහනයක් සහිත රට බවට පත්වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ඔවුන් නිකුත් කළ ලෝක ජනගහන තත්ත්ව වාර්තාවට අනුව මේ වසරේ මැද භාගය වන විට චීනයට වඩා ඉන්දියාවේ ජනගහනය මිලියන තුනකින් පමණ ඉහළ යනු ඇති බවයි.
ඒ අනුව ඉන්දියාවේ ජනගහනය බිලියන 1.4286 දක්වා ඉහළ යෑමට නියමිතයි.
ඉන්දියාව අවසන් වරට ජන සංගණනයක් සිදුකර ඇත්තේ 2011 වසරේ බැවින් මෙම වෙනස සිදුවන නිශ්චිත දිනය ප්රකාශයට පත් කළ නොහැකි බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.