අන්තර්ජාතික චෙස් තරගාවලිය අද සිව්වැනි දිනටත්

ක්වීන්ස්ටාර් අන්තර්ජාතික චෙස් තරගාවලිය අද සිව්වැනි දිනටත්

by Staff writer 19-04-2023 | 8:02 AM

News 1st - ක්වීන්ස්ටාර් අන්තර්ජාතික චෙස් තරගාවලිය අද (19) සිව්වැනි දිනටත් පැවැත්වේ.

ක්වීන්ස්ටාර් අන්තර්ජාතික චෙස් පුහුණු පාසල සංවිධානය කරන තරගාවලියට රුසියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව ඇතුළුව එක්වන රටවල් සංඛ්‍යාව 5 කි.

එහි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අධිවේගී චෙස් තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ, ඉන්දියාවේ ආර් වී රාහුල්.

තරගාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් දෙදෙනෙකුට හිමි විය.

එහි එක් ස්ථානයක් දිනා ගත්තේ, ශ්‍රී ලංකාවේ ෆිඩේ මාස්ටර්වරයකු වන කොළඹ ආනන්ද විද්‍යාලයේ රනිදු දිල්ශාන් ය.

ශ්‍රී ලංකාවේ ඉන්ටර්නැෂනල් මාස්ටර්ශූරයකු වන කොළඹ නාලන්ද විද්‍යාලයේ එල්. එම්. එස්. ටී ද සිල්වා අනුශූරතාවය දිනූ අනෙක් ක්‍රීඩකයායි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 කට අධික සංඛ්‍යාවක් එක්වන තරගාවලිය හෙට අවසන්වීමට නියමිතයි.