.webp)
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්විමට අද(19) පෙරවරුවේ එක් වෙමිනි.
කුමන තතවයක් යටතේ වුවද රටේ දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ නොතබන බව ජනාධීපතිවරයා අවධාරණය කළේ ය.
අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
"මම ඇමතිවරයාගෙන් ඇහුවා මේගොල්ලෝ එනවද පිළිතුරු පත්‍ර පරික්ෂා කරන්න සහ ඉන්න ගුරුවරු එනවද. ඒගොල්ලො එන්නේ නැත්නම් එන්නේ නැහැ. ඒක මට පාර්ලිමේන්තුවේදී දෙන්න පුළුවන් පිළිතුරක් නෙවෙයි.මම කියන්නේ මට රටටත් පාර්ලිමේන්තුවටත් දෙන්න පුළුවන් පිළිතුරක් ලබාදෙන්න. මේවා ගුරුවරුන් විසින් නම් පරීක්ෂා කරන්නේ මොකක්ද වෙන්නෙ? අමාත්‍යවරයා කියනවා මේක පිටුපස දේශපාලන හස්තයක් තියෙනවා කියලා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කියනවා නම් එයාලා දේශපාලන බලවේගයක් නෙමෙයි කියලා මේක තවත් දිග්ගැස්සෙනවා. මම හිතාගෙන ඉන්නවා අධ්‍යාපනය විශේෂයෙන්ම විභාග අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන්න. මිනිස්සු මේකට විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි රට වෙනුවෙන් ගන්න ජනප්‍රිය තීරණයක්. දෙවනුව විභාග කමිටුවක්.මේ දෙකම මම වහාම ගෙන එනවා නීතියක් බවට පත් කරන්න."