දිස්ත්‍රික්ක 3 කට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

බදුල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

by Staff writer 16-04-2023 | 10:47 AM

COLOMBO (News 1st) - බදුල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩගැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ, බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

නාය යෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ පොළව ගිලා බැසීම් සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි.