කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

අයර්ලන්තයට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

by Staff writer 16-04-2023 | 10:05 AM

COLOMBO (News 1st) - අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණාරත්න නායකත්වය ලබා දෙන අතර සංචාරක අයර්ලන්ත කණ්ඩායම මෙහෙයවන්නේ ඇන්ඩෘ බැල්බර්නි.

ශ්‍රී ලංකාව මේ වනවිට ටෙස්ට් ක්‍රිකට් තරග 307 කට සහභාගී වී ඉන් ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 98 කි.

අයර්ලන්ත කණ්ඩායම 2018 වසරේ ටෙස්ට් වරම් ලැබීමෙන් අනතුරුව ක්‍රීඩා කර තිබෙන්නේ ටෙස්ට් ක්‍රිකට් තරග 4 ක් පමණි.

ඉන් කිසිදු තරගයක් ඔවුන් ජය ගෙන නැත.

35,000 කට අධික සංඛ්‍යාවකට එකවර තරග නැරඹීමේ පහසුකම සහිත ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි තරගය පැවැත්වේ.

තරගාවලියේ දේශීය තරග විකාශන අයිතිය හිමි TV1 නාලිකාව ඔස්සේ සජීවීව තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ස්පෝර්ට්ස් ෆස්ට් සූදානම් ය.