සීදුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

සීදුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

by Staff writer 15-04-2023 | 4:44 PM

COLOMBO (News 1st) - සීදුව, රාජපක්ෂපුර ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය සිදුකර ඇති බවයි.

මියගොස් ඇත්තේ, සීදූවේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට විශ්‍රාමික හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.