.webp)
තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, චීන හමුදා ගුවන් යානා 71ක් සහ නැව් 9ක් තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව හරහා ගමන් කළ බවයි.
මෙම රේඛාව චීන සහ තායිවාන භූමිය අතර නිල නොවන බෙදුම් රේඛාවක් ලෙස සැලකේ.
චීනයේ තායිවානයට ආසන්නතම ස්ථානය වන පිංටන් දූපත ආසන්නයේ යාත්‍රා කළ එක් නෞකාවක් එහි තට්ටුවේ සිට වටයක් වෙඩි තැබූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණි.
දිගු දුර රොකට් කාලතුවක්කු, නාවික විනාශ කරන්නන්, මිසයිල බෝට්ටු, ගුවන් හමුදා ප්‍රහාරක යානා, බෝම්බ හෙලන යානා, චීනයේ හමුදාව මේ සඳහා යොදා ගෙන ඇත.
කෙසේනමුත් චීනය පවසන්නේ, තායිලන්තය බීජිං පාලනයෙන් බිඳී ගිය පළාතක් ලෙසයි.
ඒ අනුව චීනයේ ජනාධිපති ෂී ජින්පින් තායිවානය සමග "යළි එක්වීම" ඉටුවිය යුතු බව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කෙසේනමුත් චීනයේ දැඩි විරෝධය හමුවේ තායිවාන ජනාධිපතිනී ට්සායි ඉන්ග් වෙන්ග් පසුගිය දා අමෙරිකානු කතානායකවරයා සමග සාකච්ඡා පැවැත්වීම චීනයේ මෙම යුධ අභ්‍යාසයට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.