.webp)
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බවට නැගෙන චෝදනා තමන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවය.
තමන්ට හැගෙන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන්, කිසිදු පාර්ශ්වයක වරප්‍රසාද කඩවී නොමැති බව, නීතිඥ සංගමය වැඩිදුරටත් අවධාරණය කරසිටී.
අදාළ චෝදනා ඉදිරිපත් කරමින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීම හෙළා දකින බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.
රජයට සම්බන්ධ සියලු ආයතන අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කළ යුතු බව ද නීතිඥ සංගමය අවධාරණය කරයි.