.webp)
COLOMBO (News 1st) - හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්රැම් 92 ක් සමග ඉන්දීය ජාතිකයින් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ , නාවික හමුදාව තලෛයිමන්නාරම වැලිපර ආශ්රිත මුහුදු ප්‍රදේශයේ, අද (05) සිදුකළ විශේෂ මෙහෙයුමකදී යි.
සැක කටයුතු ලෙස යාත්‍රා කළ 'ඩව්' යාත්‍රාවක් පරීක්ෂා කිරිමේදී පාර්සල් 95 ක අසුරා තිබූ, එම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ,කැප්ටන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ ය.
හෂිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 92 කට අධික වේ.