දේශීය කිරිපිටි මිල අද සිට පහළට..

දේශීය කිරිපිටි මිල අද සිට පහළට..

by Staff writer 03-04-2023 | 6:38 AM

COLOMBO (News 1st) – දේශීය කිරිපිටි මිල අද(03) සිට පහළ දැමීමට පියවර ගෙන ඇතැයි දේශීය කිරිපිටි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. 

එහි සභාපති ආරියසිරි විතානගේ මහතා පැවසුවේ , පාරිභෝගික අධිකාරියේ දැනුම් දීම පරිදි ජනතවට සහන සැලසීමේ අරමුණින් මිල පහත දමන බවයි.

නව මිල ගණන් පසුව දැනුම් දෙන බව ඔහු සඳහන් කළේ ය.

මේ අනර, නව මිල ගණන් යටතේ අද සිට ආනයනික කිරිපිටි වෙළෙඳපොළට නිකුත් කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. 

පෙරේදා සිට ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් අඩු කරනු ලැබුවේ ය.