යාපනයේදී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කෙරේ

යාපනයේදී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කෙරේ

by Sagarika Chathumali 31-03-2023 | 1:08 PM

COLOMBO (News 1st) –  යාපනය, කොඩිකාමම් මිරුසුවිල් ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. 

පොලිසිය පැවසුවේ, එම පුද්ගලයා වගා බිමක ඇති පැලක දී ඝාතනය කර ඇති බවයි.

ඝාතනයට ලක්ව ඇත්තේ 43 හැවිරිදි දෙදරු පියෙකි. 

මේ අතර කෝපායි ඉරුපාලේ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ.  

තුවාල ලබා ඇත්තේ 34 හැවිරිදි මඩතඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

අධිකරණයේ විභාග වීමට නියමිත නඩු කටයුත්තක් සම්බන්ධනයෙන් ඇති වූ බහින් බස්විමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුව ඇතැයි පොලිසිය පැවසී ය. 

පහරදීමට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.