.webp)
එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, ඊයේ (25) රාත්‍රියේ පැවැති සිය සංගමයේ විශේෂ විධායක සභා රැස්වීමේදී එම තීරණය ගත් බවයි.
මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල දින 18 ක් තිස්සේ අඛණ්ඩව වසා දමා ඇතැයි, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන් මහතා පවසයි.
රාජ්‍ය අමාතයවරයා සඳහන් කළේ, ඒ හේතුවෙන් මිනිස් දින බිලියන 3.9 ක් පමණ රටට අහිමි වී ඇති බවයි.
ආචාර්යවරුන්ගේ ගැටලු පිළිබඳව ඕනෑම අවස්ථාවක සාකච්ජා කිරීමට තමා සූදානම් බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ද, දින 33 ක් ප්‍රමාද වී තිබේ.
වර්ජනය ක්‍රියාත්මක වන්නේ, අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුලු කරුණු කිහිපයක් මූලික කරගනිමිනි.