.webp)
COLOMBO (News 1st) – පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වී ඇති රාජ්‍ය නිලධාරින්ගේ මුලික වැටුප ගෙවීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස රාජ්‍ය නිලධාරින් 3,000 කට ආසන්න පිරිසක් ඉදිරිපත්ව සිටින බවයි.
මැතිවරණ කොමිසමේ නිර්දේශයක් මත පදනම්ව මෙම මුලික වැටුප ලබා දීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය