.webp)
බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සුළගේ වේගය පැයට කිලෝමීටර් 20 ත් 30 අතර පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.