.webp)
COLOMBO (News 1st) – අධික වර්ෂාවත් සමග බණ්ඩාරවෙළ, පූනාගල , කබරගල වතුයායේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, කබරගල වතු රෝහල ආසන්නයේ ඊයේ(19) රාත්‍රී 9.00ට පමණ නායයෑම සිදුව ඇති බවයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එල්.ඒ.එම්. උදය කුමාර මහතා සඳහන් කළේ, නායයාමෙන් වතු නිවාස 30කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බවයි.
මේ වනවිට පුද්ගලයින් 200 කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇතැයි ඔහු පැවසුවේ ය.