2023 - රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලමට

2023 - රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලමට

by Staff writer 17-03-2023 | 3:42 PM

COLOMBO (News 1st) –  මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ. 

ඒ අනුව හලාවත කැදැල්ලෑව ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී උත්සවය පැවැත්වෙනු ඇති. 
 
රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ   හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්විණ. 

ඒ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු  අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙනි. 

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික නායකයන් , රාජ්‍ය නිලධාරින් හා මැති ඇමතිවරුන් පිරිසක්ද එක්ව සිටියහ.