.webp)

COLOMBO (News 1st) – පළාත් පාලන මැතිවරණයට තරග වදින සියලුම දේශපාලන පක්ෂවල මහ ලේකම්වරු සාකච්ජාවක් සඳහා කැඳවීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කළේ, අද(16) පෙරවරුවේ පැවැති කොමිෂන් සභා රැස්වීමේදී මෙම තිරණය ගත් බවයි.
ඒ අනුව ලබන 23 වැනිදා පෙරවරු 10.00ට මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන සියලුම දේශපාලන පක්ෂවල මහ ලේකම්වරු කැඳවීමට නියමිතව තිබේ.
මේ අතර, 2021 වසරට අදාළව මෙතෙක් ගිණුම් වාර්තා භාර නොදුන් දේශපාලන පක්ෂ සඳහා දින 14ක් ඇතුළත සිය ගිණුම් වාර්තා භාර දෙන්නැයි දැනුම් දීමට කොමිසම අද පැවැති රැස්වීමේදී තීරණය කළ බව අදාල නිවේදනයේ සඳහන් ය.
එම කාලය තුළ අදාල වාර්තා එවීමට අපොහොසත් වන පක්ෂ පිළිගත් දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමට ඇති හිමිකම් අවසන් කිරිමට තීරණය කර තිබේ.
