.webp)
COLOMBO (News 1st) – මාර්ගයට ගල් පෙරළීමෙන් වාහන ධාවනයට බාධා මතුවූ 18 වංගුව ප්‍රදේශය නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක් අද(06) එම ස්ථානයට ළඟාවෙයි.
පෙරේදා රාත්‍රියේ වසා දැමුණු මාර්ගයේ එක් මංතීරූවක් ඊයේ(05) පස්වරුවේ සිට වාහන ධාවනයට විවෘත කෙරිණ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, නායයාම් අධ්‍යයන අංශයේ අධ්යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ මාර්ගය සම්පූර්ණයෙන් විවෘත කිරීම පිළිබඳ නිර්දේශ කඩිනමින් ලබාදෙන බවයි.
වසා දමා ඇති මංතීරුව ඉදිරි දින කිහිපයේ විවෘත කිරීමට කටයුතු කරන බව මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ ය.