.webp)

COLOMBO (News 1st) - 2023 - 2025 ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා භාර ගැනීම මේ වනවිට අවසන් වී ඇත.
ලබන මැයි 20 වැනි දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම ඊයේ (28) අවසන් විය.
ඒ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව ඉදිරියේදී ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් සහභාපති ශම්මි සිල්වා මහතා සමග එම පාර්ශවයෙන්ම ජයන්ත ධර්මදාස සහ සමන්ත දොඩන්වල යන මහත්වරුන් සභාපති තනතුරට නාම යෝජනා භාර දී ඇති බවට වාර්තා වේ.
මේ අතර වත්මන් ලේකම් මොහාන් ද සිල්වා, රොෂාන් ඉද්දමල්ගොඩ, සමන්ත දොඩන්වල සහ නලීන් අපෝන්සු යන මහත්වරුන් ලේකම් තනතුරට නාම යෝජනා භාර දී ඇත.
