.webp)
එම පෙත්සම ගොනු කර ඇත්තේ, විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව් .එම්.ආර් විජේසුන්දර මහතා විසිනි.
පළාත් පාලන ඡන්දයට අදාළ සියලු සංවිධාන කටයුතු වළක්වන්නැයි ඉල්ලා එම පෙත්සම ගොනු කර ඇත.
මෙම පෙත්සම පසුගිය 10 වැනි දා විභාගයට ගත් අතර නැවත සලකා බැලීම අද දිනය දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ ය.
මේ අතර මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ඒකනායක මහතා සඳහන් කළේ, මැතිවරණයේ ඉදිරි කටයුතු අද පැවැත්වෙන නඩු විභාගයෙන් පසුව ප්‍රකාශ කළ හැකි බවයි.