වසන්ත මුදලිගේ ඇතුළු 56 ක් පොලිස් අත්අඩංගුවට..

අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වී විරෝධතාවයක නිරත වූ වසන්ත මුදලිගේ ඇතුළු 56 ක් පොලිස් අත්අඩංගුවට...

by Staff writer 23-02-2023 | 5:10 PM

COLOMBO ( News 1st ) – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 56 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වී විරෝධතාවයක නිරත වූ අවස්ථාවේදී ය.  

හෝමාගම, පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පිරිසක් මෙලෙස අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ විරෝධතාවක නිරත විය. 

ඒ, මාස 2ක කාලයක් වසා දමා ඇති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය නැවත විවෘත කරන්නැයි ඉල්ලමින් ය.