.webp)
COLOMBO ( News 1st ) – නෝටර්න්බ්‍රිජ් - දියගල මාර්ගයේ හැටන් හුලංවංගුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රාපතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් දෙදෙනෙකු මියගොස් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙලෙස අනතුරට ලක්ව තිබුණේ , ශ්‍රීපාද වන්දනාවේ ගොස් යළි එමින් සිටි වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයකි.
ඊයේ රාත්‍රී 9.30ට පමණ මෙම අනතුර සිදුවිය.
ඒ වන්දනාකරුවන් රැගත් බස් රථය නෝට්න්බ්‍රිජ්, හුලංවංගුව ප්‍රදේශයේදී අඩි 100 ක පමණ ප්‍රපාතයතට පෙරළීමෙන් ය.
පොලිසිය පැවසුවේ, අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 30 දෙනෙකු පමණ ගමන් කර ඇති බවයි.
ඔවුන් මහරගම ප්‍රදේශයේ සිට පැමිණි පිරිසකි.
අනතුරින් මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකි.
තුවාලකරුවන් වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරිණ.