.webp)
COLOMBO ( News 1st ) – අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස, නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද පෙරවරුවේ දිවුරුම් දුන්නේ ය.
ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේයි.
මේ අතර මහාධිකරණ විනිසුරු එම්. ඒ. ආර්. මරික්කාර් මහතා ද අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.